hero

ආරම්භ කිරීම


Ideaapps
මිනිත්තු 5ක් වැනි සුළු කාලයකින් template based app එකක් නිර්මාණය කරගන්න. මෙහිදි SMS පාදක කරගත් app, කිසිදු coding කිරීමකින් තොරව නිර්මාණය කර නිවැරදි පරිශිලකයින් වෙත ලබාදිය හැක. එය දිනපතා පණිවුඩයක් යැවීම, ඔබ ව්‍යාපාරයක අයිතිකරුවෙක් නම්, ඔබේ පාරිභෝගිකයින් දැනුවත් කිරීම හෝ යමකට ඡන්ද ප්‍රකාශ කිරීමක් විය හැක. මේ සියල්ලටම ඔබට අවශ්‍ය වන්නේ සක්‍රිය Dialog SIM පතක් සහ ideamart ගිණුමක් පමණයි.

* Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
   + ideamart.dialog.lkවෙත පිවිසෙන්න.
   + Mobile Connect බොත්තම Click කර ලොග් වෙන්න.
   + ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර තිරයේ දිස්වන pop-up පණිවුඩය accept කරන්න.
   + ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
* ideaapps අයිකනය Click කර create application click කරන්න.
* ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන application වර්ගය තෝරන්න.
* ලබාදී ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
* අනුමැතිය ලැබුණු පසු app එක අළෙවි කිරීම ආරම්භ කරන්න.
* ගුණාත්මක සේවාවක් ලබාදී මුදල් උපයාගන්න.


Ideadroid
ඔබ කුඩා හා මධ්‍ය පරිමාණික ව්‍යාපාරිකයෙක් ද ? ඔබේ ව්‍යාපාරය ඉහළටම ගෙනයන්න Ideadroid කදිම විසඳුමක්. ඔබට මෘදුකාංග නිර්මාණය කිරීමේ හැකියාවක් නොමැති වුවත් පියවරෙන් පියවර අකෘති පත්‍ර පිරවීම මගින් Android app එකක් සමග SMS හා USSD app නිර්මාණය කරගන්න පුළුවන්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් ලෙස ඔබේ ව්‍යාපාර කටයුතු සඳහා smartphone app එකක් නිරීමාණය කරගැනීමෙන් වැඩි වන smartphone පාරිභෝගික සංඛ්‍යාව සමග ව්‍යාපාර අවස්ථා දියුණු කරගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

* පාරිභෝගිකයාට app එක මගින් ඇනවුම් ලබාදිය හැකියි.
* පාරිභෝගිකයාට ඔබ ලබාදී ඇති භාණ්ඩ හා සේවාවන් සමාජ ජාල වෙබ් අඩවි මගින් share කළ හැක.
* පාරිභෝගිකයාට ඔබේ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත් විය හැක.


Ideapro
මෙය smartphones සඳහා පමණක්ම නොවේ! ඔබේ app එකට Ideapro API තුළින් අපගේ ජාලයේ සේවාවන් ලබාගෙන පාරිභෝගිකයින්ට ඉහළ සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවේ. මේ සියල්ල සඳහා ම අවශ්‍ය වන්නේ සක්‍රිය Dialog SIM පතක් සහ ideamart ගිණුමක් පමණයි.

* Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
   + Mobile Connect බොත්තම Click කර ලොග් වෙන්න.
   + ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර තිරයේ දිස්වන pop-up පණිවුඩය accept කරන්න.
   + ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
* ඔබේ app එක Provision කරන්න.
* starting simulator එක Download කරගෙන ප්‍රථම ideapro app එක run කරන්න.
* ඔබේ app එක නිර්මාණය කර host කරන්න.
Starter kit එක Download කරගන්න.

Allapps.lk වෙතින් ඔබේ app එක ඉදිරියටම ගෙනයන්න.

අපගේ app store එක වන All Apps(allapps.lk) හි ඔබේ app එක පළ කර, නිවැරදි පාරිභෝගික කණ්ඩායම වෙත app එක ළ`ගා කරන්න. ඕනෑම අයෙකුට භාවිත කළ හැකි app, All Apps හි ලැයිස්තු ගතකර ඇත, දේශිය app අවශ්‍ය ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම අයෙකුට allapps.lk යනු අගනා app store එකක්. එමෙන්ම allapps.lk අපගේ ප්‍රධානතම අළෙවි මාධ්‍යය වන අතර, දිනපතා අප විසින් allapps.lk ප්‍රවර්ධනය කරනු ලැබේ, එමෙන්ම app නිර්මාණය කරන්නන්ට ඔවුන්ගේ app එක allapps.lk හි පළ කරනවාද නැත්ද යන්න තීරණය කළ හැක. Idea app, Idea Pro පාදක කරගත් app, Android පාදක කරගත් app සහ JAVA පාදක කරගත් app All Apps හි අන්තර්ගත වේ. All Apps වෙත app එකතු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු සියල්ල අන්තර්ගත වේ.
allapps හි ඔබගේ ideaapp එක පළ කරන්නේ කෙසේද?

allapps හි ඔබගේ ideapro app එක පළ කරන්නේ කෙසේද?



Ideabiz
Ideabiz මගින් app එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය තොරතුරු පියවරින් පියවර පහතින් දක්වා ඇත.

* Ideabiz ගිණුමට ලොග් වෙන්න (Sign up)
* නව ideabiz app / සේවාවකට අයදුම් කරන්න.
* සහාය කණ්ඩායමෙන් අනුමැතිය සඳහා ඉල්ලූම් කරන්න.
* අවශ්‍ය API තීරණය කර,commercials පිළිබ`දව ideabiz කණ්ඩායම සමග සාකච්ඡා කරන්න.
* Commercial ගිවිසුම් පත්‍රය අත්සන් කරන්න.
* API වෙත Subscribe කර සහාය කණ්ඩායමෙන් ඉල්ලීම අනුමත කරගන්න.
* Authentication tokens නිර්මාණය කරගන්න.
* Integrate කිරීම සහ පරීක්ෂා කිරීම සිදු කරගන්න.
* සහාය අවශ්‍යද ?
ideabiz සහාය කණ්ඩායම සම්බන්ධ කරගන්න. දු.ක : 94767222161 | ඊ-මේල් : support@ideabiz.lk
* සහාය කණ්ඩායමෙන් go live ඉල්ලීම සිදු කරන්න.
* ඉල්ලීම අනුමත කිරීමෙන් පසුව පාරිභෝගිකයින්ට app එක භාවිත කළ හැක.